28 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

උතුරේ ජනතා ගැටලු විසඳා වතුකරයේත් මුස්ලිම්වරුන්ගේත් ප්‍රශ්න විසඳනවා – ජනපති

Must read

උතුරේ ජනතාවගේ ගැටලු විසඳීම අවසන් කළ වහාම වතුකරයේ සහ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීම ඇතිව උතුරේ ජනතාවගේ ගැටලු විසඳීමට දැනටමත් පියවර ගෙන තිබේ. මෙරට සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් පැවති සර්වපාක්ෂික හමුවේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පළ කළ අදහස් අනුව උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඍජු මැදිහත්වීම ලබා දුන් අතර උතුරේ ජනතාවගේ ප්‍රශ්න රැසක් විසඳීමට මේ වන විටත් ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ.

උතුරේ ජනතාවගේ ප්‍රශ්න බොහොමයක් විසඳීම ආරම්භ වී තිබෙන තත්ත්වය යටතේ වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ වැඩකටයුතුද වහාම ආරම්භ කිරීමට ජනාධිපතිවරයා අදහස් කර සිටින බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.

වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමෙන් අනතුරුව මෙරට මුස්ලිම් ප්‍රජාව මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීමටද සැලසුම් කෙරේ.

වතුකරයේ සහ මුස්ලිම් ජනතා ප්‍රශ්න විසඳීමේ දී ඒ ප්‍රජාව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සහභාගී කර ගැනීමට ජනාධිපතිවරයා අදහස් කර සිටින බවත් වාර්තා වේ.

More articles

Latest article