34 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ශ්‍රී ලංකාවේ ණය ගැන ජනපති සහ චීන අපනයන-ආනයන බැංකු සභාපතිවරයා අතර සාකච්ඡාවක්

Must read

චීනයේ අපනයන-ආනයන බැංකුවේ සභාපති Wu Fulin මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ශ්‍රී ලංකාවේ වත්මන් ණය අර්බුදය පිළිබඳ වීඩියෝ සාකච්ඡාවක් පසුගිය (10) දා පවත්වා තිබේ.

ශ්‍රී ලංකාවේ ණය ගැටලු විසඳීමට අදාළව හුවමාරු සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ආර්ථික ප්‍රකෘතියට සහ තිරසාර සංවර්ධනයට උපකාර කිරීමටත් දෙපාර්ශවය එකඟ වී ඇති බව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

More articles

Latest article