25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

රිෂාඩ් බදියුදීන් සහ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කැඳවීමට කථානායකවරයා තීරණය කරයි

Must read

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මගින් ලිපියක් ලිපියක් යොමු කරමින් පවසා සිටින්නේ එළඹෙන සතියේදී පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට නියමිත බැවින්, එම රැස්වීම් සඳහා සහභාගීවිමට එකඟවන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන රිෂාඩ් බදියුදීන් සහ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කැඳවීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබෙන බව වාර්තාවේ.

More articles

Latest article