33 C
Colombo
බදාදා, මැයි 31, 2023

පාර්ලිමේන්තුව අද සිට සිකුරාදා දක්වා දින පහක් රැස්වෙයි

Must read

පාර්ලිමේන්තුව අද (05) පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා රැස්වන අතර සම්පූර්ණ දිනයම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.


මේ අනුව අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික ප්‍රශ්න 50ක් ඇසීමට අවස්ථාව ලබා දීමට සභානායක හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගෙන එනු ලැබූ යෝජනාවකට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟතාවය පළවූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.


එමෙන්ම මැතිවරණ ක්‍රම ව්‍යුහයේ පවතින අඩුපාඩු සොයා බලා ඒවා සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත්කිරීමට අදාළ යෝජනාවද අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කළ බව මහ ලේකම්වරයා පැවසීය.


එමෙන්ම 2019 අප්‍රියෙල් 21 දින එල්ල වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය 04 වැනි දිනයටත් අප්‍රේල් 07 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව මහලේකම්වරයා සඳහන් කළේය.
මෙයට අමතරව, දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අප්‍රේල් 08 සහ 09 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.


අප්‍රේල් 06 වැනිදා ආනයන හා අපනයන පනත යටතේ වන රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප හා දීමනා ප්‍රතිශෝධනයට අදාළ යෝජනාව ඇතුළු කරුණු 08 විවාදයට ගනු ලබනු ඇත.

More articles

Latest article