27 C
Colombo
අඟහරුවාදා, අගෝස්තු 9, 2022

රාජිතගේ ගෝලයන්ගේ පුස් විවේචන වලට මේ ආණ්ඩුව වට්ටන්න බැහැ – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

Must read

දින දෙකක් පුරා පාර්ලිමේන්තුවේදී පැවැති කොවිඩ්19 වෛරසය පැතිරීම සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් සෞඛ්‍යය රාජ්‍යය අමාත්‍යය චන්න ජයසුමන මහතා පවසා සිටියේ රාජිත සේනාරත්න මහතාගේ නූල් සූත්තර වලට අනුව නැටවෙන රවී කුමුදේශ් විශේෂඥ වෛද්‍ය ලක් කුමාර වැන්නවුන්ගේ අවර ගනයේ විවේචන භාර ගැනීමට සූදානම් නැති බවයි.

නමුත් සාධනීය විවේචන ඉදිරිපත් කරණ රජයේ වෛද්‍යය නිළධාරින්ගේ සංගමය වැනි සංගම්වල විවේචන භාර ගැනීමට කිසිදු පැකිලීමක් ආණ්ඩුවේ පාර්ශවය තුළ නැති බවද අවධාරණය කළේය. රට පත්ව තිබෙන අවදානම් අවස්ථාවේදී බාල ගනයේ දේශපාලනයක යෙදෙන රාජිත සේනාරත්න විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වැන්නවුන්ටද පාඨලී චම්පික රණවක වැන්නවුන්ටද ආණ්ඩුව වැට්ටවීමට නොහැකි බවද පවසා සිටියේය.

එහිදී එතුමා අවධාරණය කර සිටියේ දින දෙකක් පුරා පැවැති පාර්ලිමේන්තු විවාදයේදී කිසිදු සාධනීය විවේචනයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ විපක්ෂයේ අසමත්කම නැවත වරක් රට හමුවේ ඉදිරිපත් කළ බවයි.

More articles

Latest article