31 C
Colombo
අඟහරුවාදා, අප්‍රේල් 23, 2024

මහනුවර විද්‍යාලයක පාසල් ශිෂ්‍යාවක් පරිසර හිතකාමී පෑනක් නිර්මාණය කරයි

Must read

දිනපතා පාසැල් පද්ධතිය තුළින් හා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යාල මගින් බැහැර කරන ප්ලාස්ටික්වලින් සකස් කරන ලද කාබන් පෑන් නිසා සිදුවන පරිසර හානිය වැළැක්වීමට විකල්පයක් වශයෙන් දිරාපත් වන ද්‍රව්‍ය භාවිතයෙන් සකස් කළ මුලුමනින්ම පරිසර හිතකාමී කාබන් පෑනක් මහනුවර වටපුළුවේ සචිනි ක්‍රිස්ටිනා සුගිර්දන් මෙනවිය හා ඇයගේ පියා වන සුගිර්දන් මහතා විසින් හඳුන්වා දී තිබේ.මෙම නව නිපැයුම මුළුමනින්ම පරිසර හිතකාමී වන අතර හිස් වු කාබන් පෑන් බැහැර නොකර එය පසෙහි රෝපණය කිරීම මගින් එළවලු හා පලතුරු පැල වගාකිරීමට ද හැකි වන පරිදි මෙම නව නිපැයුම හඳුන්වා දී තිබීම සුවිශේෂත්වයකි.

සචිනි ක්‍රිස්ටිනා සුගිර්දන් දැරිය හා ඇයගේ පියා විසින් තමන් නිපදවන ලද පරිසර හිතකාමී කාබන් පෑන අද දින (29) පෙරවරුවේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත පිළිගන්වනු ලැබීය. මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා අපේ රටේ දිනපතා පාසැල් පද්ධතිය තුළින් පමණක් හිස් කාබන් පෑන් කිලෝ ග්‍රෑම් 80-100ක් අතර පමණ ප්‍රමාණයක් බැහැර කරන බව සඳහන් කළේය. මේ අන්දමින් පරිසරයට බැහැර කරන ප්ලාස්ටික් කාබන් පෑන් නොපෙනී දිරාපත්වීම සඳහා අඩු තරමින් වසර 100ක් පමණ ගත වන අතර ක්ෂුද්‍ර ප්ලාස්ටික් අණු වසර 400ක් පමණ පස තුළ නොදිරා පවතින බව තහවුරු වී ඇතැයි කීය.

More articles

Latest article