30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

අගමැති සභානායක ධුරයට ලැබුණු 1,568,000ක් ඉන්ධන දීමනා ඉතිරි කර සභානායක කාර්යාලයට භාර දෙයි

Must read

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සභානායකවරයා ලෙස කටයුතු කළ පසුගිය කාලයේ රුපියල් පහළොස් ලක්ෂ හැට අට දහසක ඉන්ධන දීමනා ඉතිරි කර නැවත පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය වෙත භාර දී තිබේ.

දිනේෂ් ගුණවර්ධන මහතා සභානායකවරයා ලෙස කටයුතු කළ 2020 ජනවාරි මාසයේ සිට 2022 ජූලි මාසය දක්වා කාලය තුළ නිල රථයට හිමි ඉන්ධන දීමනා මෙලෙස ඉතිරි කර ඇත.

එමෙන්ම අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සභානායකවරයා ලෙස කටයුතු කළ අවධියේදී අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතන පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වාර්තාවල පිටපත් සංඛ්‍යාව සඳහා සිදු කරන විශාල වියදම් අඩු කිරීමට ද කටයුතුකර තිබිණි.

ඒ අනුව, එක් භාෂාවකින් 350 බැඟින් භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කළ පොත් සංඛ්‍යාව, භාෂා තුනෙන්ම පිටපත් 12 දක්වා ද, 248ක් වූ සංයුක්ත තැටි සංඛ්‍යාව 2 දක්වා ද ගෙන ඒමෙන් අතිරේක වියදම් අඩු කිරීමට කටයුතු කර තිබිණි

එම මුදල යළි භාරදීම පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී පසුගිය දා සිදු වූ අතර, එම අවස්ථාවට සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා, සභානායක ලේකම් සහ අගමැති පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා එක්ව සිටියහ.

More articles

Latest article