30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

75 වැනි නිදහස් සැමරුම නව මුහුණුවරකින් පවත්වන්න සූදානමක්

Must read

හැත්තෑපස් වැනි නිදහස් සමරුමේ අභිමානය සැලකිල්ලට ගෙන අලුත් ආකාරයකට, ජාතික උත්සව සහ සැමරුම් සංවිධාන කරන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සියලු පාර්ශ්ව වෙත උපදෙස් ලබා දුන්නේය.

නිදහසේ 75 වැනි සමරු උලෙළ – 2023, කමිටු සාමාජිකයන්ගේ කාර්යභාරය පිළිබඳව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ (14) පැවති සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා එම උපදෙස් ලබා දුන්නේය. වෙනදා මෙන් නිදහස් උත්සවයක් නොව, නිදහසේ 75 වැනි වසර යනු සුවිශේෂී අවස්ථාවක් බවත් එය තේරුම් ගෙන ජාතික උත්සවයේ සියලු කටයුතු, නිදහසේ ඉතිහාසයද සම්බන්ධ කර ගනිමින්, අඩු වියදමින් සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය ගෙන අලුතින් සිතා නිර්මාණාත්මක ආකාරයෙන් පවත්වන ලෙසත් අගමැතිවරයා උපදෙස් ලබා දුන්නේය.ජනාධිපතිවරයා අපේක්ෂා කරන්නේ නව ආකාරයකින් මෙවර නිදහස සැමරීමට බවද අගමැතිවරයා කියා සිටියේය.

More articles

Latest article