31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

කොළඹ පොත් ප්‍රදර්ශනය බලන්න අගමැති ගිහින්

Must read

මාලේවන ධර්මවිජය හිමි රචනා කළ සුන්දර ශ්‍රී ලංකාව උද්‍යාන දේශයක් බවට පත් කරමු, කෘතිය අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කෙරිණි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සරසවි ප්‍රදර්ශන කුටියේ දී ග්‍රන්ථය එළිදැක්වීම සිදු කළේය.

එම අවස්ථාවට පොතේ කර්තෘ මාලේවන ධර්මවිජය හිමි ද එක් වූහ. සරසවි සමූහ ව්‍යාපාරයේ අධිපති එච්. ඩී. ප්‍රේමසිරි මහතා අගමැතිවරයාව පිළිගත්තේය.

අනතුරුව ප්‍රදර්ශන භූමියේ තවත් පොත් ප්‍රදර්ශන කුටි කීපයක් වෙත ගිය අගමැතිවරයා පොත් මිල දී ගැනීමට පැමිණ සිටි ජනතාව සමඟ ද සුහද කතාබහක ද යෙදුණි.

More articles

Latest article