30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

ඩොලර් මිලියන 10ක ඖෂධ අමෙරිකාවෙන්

Must read

රෝහල් සඳහා අත්‍යවශ්‍ය ඩොලර් මිලියන 10ක වටිනාකමින් යුතු ඖෂධ තොගයක් අමෙරිකාවේ (direct relief USA) ආයතනය විසින් මෙරටට පරිත්‍යාග කර තිබේ.

එම ඖෂධ තොගය අමෙරිකාවේ (direct relief USA) ආයතනයේ හදිසි ප්‍රතිචාර කළමනාකරු ක්‍රිස් ඇලිවේ (Chris Alleway) මහතා විසින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත අගමැති කාර්යාලයේදී පෙරේදා (26) බාරදුන්නේය.

ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතැම් ඖෂධ හිඟවී තිබෙන බවත් එහෙත් හිඟ ඖෂධ කඩිනමින් ආනයනය කිරීමට රජය කටයුතු කර අවසන් බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. මේ සත්කාරය පිළිබඳව සඳහන් කළේ අමෙරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව, මැලේසියාව හා තවත් රටවල් කීපයක විවිධ මානුෂීය ආධාර සංවිධාන මේ ඖෂධ රැස්කිරීමේදී දායක වූ බව එම ආයතනයේ සන්නිවේදන සම්බන්ධීකාරක පැඩි දිසානායක මහත්මිය පැවසූවාය. මේ මාසයේ දී ඩොලර් මිලියන විස්සකට වැඩි ඖෂධ ශ්‍රී ලංකාවට පිරිනමා තිබේ. අගමැති ලේකම් අනුර දිසානායක, මෙඩිකල් හෙල්ප් හි සම්බන්ධීකාරක ගිහාන් ජයරත්න, direct relief USA ආයතනයේ ජ්‍යෙෂ්ඨ සන්නිවේදන විශේෂඥ මෙව් ඔ කොනර් (Maeve O Conner ) යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

More articles

Latest article