34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

විපක්ෂයේ එකඟතාව හරියට කිවුවොත් 22 ඉදිරි කටයුතු කළ හැකියි – අගමැති

Must read

විපක්ෂයේ පක්ෂවල එකඟතාව වරින් වර වෙනස් නොකර සභාවට දන්වන්නේ නම් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඉදිරි කටයුතු නිසි ආකාරයෙන් කරගෙන යෑමට ආණ්ඩුවට හැකියාව ‍ලැබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.

22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ, විපක්ෂ ලෙස නොබෙදී හැකි පමණ එකඟතාවකට පැමිණෙන ලෙසත් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉතිහාසය, වර්තමානය සහ පසුබිම විස්තර කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. විපක්ෂ නායකවරයා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, වාසුදේව නානායක්කාර මහත්වරුන් හා උත්තර සභාගයේ නායකයන් පිරිසක් සමඟද තමන් මේ පිළිබඳ පෙරේදා (05) සාකච්ඡා කළ බවද අගමැතිවරයා පැවසීය. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වැඩි දුරටත් මෙසේද කීවේය.

හැම අවස්ථාවකදීම විපක්ෂය ඉල්ලා සිටියා මේ කටයුතු ඉක්මන් කරන්න කියලා. ඒ නිසා එය ඇමැතිවරයා ප්‍රකාශයට පත් කරලා පාර්ලිමේන්තුවට ගෙනාවට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම්කරුවන් විසින් ගමන් කළා. ආණ්ඩුක්‍රම සංශෝධනයකදී ශ්‍රේෂ්ඨාධිකරණය දක්වන කරුණු කථානායකවරයා වෙත ලැබී මේ පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කළා. ඒ අනුව තමයි මේ විවාදයට පැමිණෙන්නේ.

පෙරේදා (05) දිනයේ විරුද්ධ පක්ෂයේ නායකවරයත්, විරුද්ධ පක්ෂයේ නායකවරයා සමඟ සංවිධායකවරයත්, රාවුෆ් හකීම් මන්ත්‍රීවරයත් ඒ වගේම අපේ මනෝ ගනේෂන් මහතා මේ නියෝජිත පිරිස සමඟ අපි සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී යම් කිසි මූලික කරුණු කිහිපයක් ගැන එකඟතාව මත 22ට සහයෝගය දක්වන්න පුළුවන් බව ප්‍රකාශ වුණා. නමුත් මෙය පස්වරුවේ යළිත් ස්ථිර කරන බව තමයි අපි සාකච්ඡාවෙන් විසිර ගියේ.

ඉන් අනතුරුව උත්තර සභාවට අයත් පක්ෂ නායකයන් සමඟ මම සාකච්ඡාවක් පැවැත්වූවා. එම සාකච්ඡාවේදීද බොහෝම හොඳ ප්‍රතිචාරයකින් තමයි එම සාකච්ඡාව හමාර වුණේ. 22ට සහෝයගයක් දැක්විය හැකි. ඒ වෙනස්කම්වලට භාජනය වෙනව නම් ඒ එකඟ විය හැකි කරුණු ගැන කල්තියා දැනගත යුතු බවත්, ඒ අනුව වාසුදේව නානායක්කාර මහතාගේ නායකත්වයෙන් ඒ පක්ෂ නායකයන් එම අවස්ථාවේදී පැමිණියා.

සංවිධායක කිරිඇල්ල මහතා පස්වරුවේ හමු වුණු අවස්ථාවේදී එයට සහයෝගය දක්වන්නට අමාරුයි. විරුද්ධ පක්ෂයේ අනෙක් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ තමන් දක්වන සාකච්ඡාව අනුව සහයෝගය දක්වන්නට අමාරු බව ප්‍රකාශ කළා.

මම ඒ අවස්ථාවේදීත් කිව්වා අපි සියලු දෙනා එක්වෙලා මෙය සම්මත කිරීමටයි කටයුතු කළ යුත්තේ. එය මුදුන්පත් කිරීමට අපි කටයුතු කරමු කියලා. මේ තත්ත්වය මත උදේ හා දවල් තිබුණු තත්ත්වය වෙනස් වී වෙන තත්ත්වයකට පරිවර්තනය වී තිබෙන බව මම සභාවට හා ආණ්ඩු පක්ෂයට දන්වා සිටියා. ඒක මගේ යුතුකම. ඒ අනුව ජනාධිපතිවරයා වෙතත් දැනුම් දුන්නා.

More articles

Latest article