29 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

දිනේෂ් ගුණවර්ධන අගමැති වුණේ රටට වුණු කැපවීම හා ඉවසීම නිසයි – මල්වානේ පඤ්ඤාසාර නාහිමි

Must read

රට වෙනුවෙන් කළ කැපවීමත්, ඉවසීමේ ගුණයත් නිසා දිනේෂ් ගුණවර්ධන මහතාට අගමැති ධුරය හිමි වූ බව නවගමුව රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක මල්වානේ පඤ්ඤාසාර හිමිපාණෝ පැවසූහ.

උන්වහන්සේ සඳහන් කළේ, රට, ජාතිය ගැන හදවතින්ම කටයුතු කරන පුද්ගලයකු වශයෙන් එය රටේ අනාගතයට වැදගත් බවයි. ඓතිහාසික නවගමුව රජමහා විහාරස්ථානයේ සහ පත්තිනි දේවාලයේ ආගමික වතාවත්වලට ඊයේ (04) සහභාගි වූ අගමැතිවරයා මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර, එහිදී නාහිමිපාණන් වහන්සේ මේ බව සඳහන් කළහ.

උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද කීය.

‘අපේ නවගමුව පූජා භූමිය, විහාරස්ථානය සහ පත්තිනි දේවාලය අගමැතිවරයාට අමුතු තැනක් නෙමෙයි. අගමැතිවරයාගේ සීයා බොරළුගොඩ රාලහාමි නවගමුව පූජා භූමියේ භාරකාරීත්වය අරගෙන මේ ස්ථානයේ දියුණුවට කටයුතු කළා. අගමැතිවරයා කුඩා කාලයේත් පත්තිනි දේවාලයට පැමිණ විවිධ අවස්ථාවලට සහභාගි වී මේ ස්ථානයේ දියුණුවට කටයුතු සිදු කළා. මේ නවගමුව පූජා භූමිය සහ සත් පත්තිනි දේවාලය පිළිබඳව එතුමන්ලාට ලොකු වගකීමක් තියෙනවා. ඉදිරියටත් ඒ යුතුකම් ඉෂ්ට කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා. අගමැතිවරයා රට වෙනුවෙන් කළ කැපවීම සහ ඉවසීම නිසා අද මේ රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණා. රටට ජාතියට හදවතින්ම කටයුතු කරන පුද්ගලයෙක් හැටියට එය රටේ අනාගතයට වැදගත්.’

More articles

Latest article