28 C
Colombo
බදාදා, මාර්තු 27, 2024

අවශ්‍ය සෑමවිටම චීනය අපේ උදව්වට සිටියා – අගමැති

Must read

ශ්‍රී ලංකාවට උදව් අවශ්‍ය සෑම මොහොතකම චීනය සැබෑ මිතුරකු ලෙස එක්ව සිටි බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.

චීන රජයේ සහයෝගය මත කොස්ගම, බොරළුගොඩ ඉදිකරන ලද චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව තොරතුරු තාක්ෂණ කේන්ද්‍රය විවෘත කිරීමේ අවස්ථාවට (12) එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

අද දවසේ සීතාවක යෞවනයන්ට මේ ලැබෙන තිළිණය ලැබෙන්නේ චීනය කියන ලෝකයේ ඉන්න දැවැන්ත යෝධයාගෙන්. එහි ප්‍රතිඵලයක් ලෙස මේ පරිගණක විද්‍යාගාරය චීන රජයේ පරිත්‍යාගයක් ලෙස අද දවසේ ඔබේ අයිතියට පැවරෙනවා. රටක් ලෙස අපට උදව් අවශ්‍ය සෑම මොහොතේම චීනය සැබෑ මිතුරකු ලෙස අප සමඟ එකට සිටියා. මෙවැනි වටිනා සම්පතක් අපේ තරුණ ප්‍රජාව වෙත ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව චීන රජයට මාගේ ස්තුතිය පිරිනමන්නට කැමතියි. පිලිප් ගුණවර්ධන මහතාගේ 122 වැනි ජන්ම දිනය සමරන දිනයේම මේ වටිනා තිළිණය ඔබ වෙත ලබා දෙන්නට මූලිකත්වය ගත්තේ මෙරට චීන තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයයි. තොරතුරු තාක්ෂණ දැනුම අනාගතය තීරණය කරන වැදගත්ම මෙවලම බවට අද වන විට පත්ව තිබෙනවා. මේ තොරතුරු තාක්ෂණ ආයතනයෙන් අධ්‍යාපනය ලබා පිටවෙන ඔබගේ ජීවිතයට විශාල වටිනාකමක් එකතු කර ගන්නවා. තමන් ඉපදුන ප්‍රදේශයටත්, රටටත් විශාල වටිනාකමක් එක්කරනවා. මේ තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය මඟින් අපේක්ෂා කරන්නේ දැනුමින් සහ සංවර බවින් යුතු තරුණ ප්‍රජාවක්. මෙම මධ්‍යස්ථානය සාම්ප්‍රදායික පරිගණක මධ්‍යස්ථානයකින් ඔබ්බට ගමන් කරමින් දවසේ වැඩි කාලයක් දරුවන්ට දැනුම බෙදන කේන්ද්‍රස්ථානයක් වනු දැකීම මගේ ප්‍රාර්ථනාවයි. මේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය ප්‍රදේශයේ දූ දරුවන්ට මේ ලෙසින් ලබා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, හිටපු ඇමැති ගීතාංජන ගුණවර්ධන මහත්වරුත් විශාල මහන්සියක් දැරුවා. සීතාවක උරුමය පදනම මෙම කටයුතු සම්බන්ධීකරණය කළා. ශ්‍රී ලංකාව මුහුණ දෙන මේ අසීරු මොහොතේ වැඩබලන තානාපතිවරයා සඳහන් කළා සදාකාලික මිතුරකු ලෙස චීනය නිරන්තරයෙන් ශ්‍රී ලංකාව සමඟ සිටිනවා කියන කාරණය.

1956 බණ්ඩාරනායක මහතා වගේම පිලිප් ගුණවර්ධන මහතා එක්ව මෙරට ඇති කළ දැවැන්ත සමාජ විප්ලවය පිළිබඳව චීන රජයට තිබෙන්නේ විශාල ගෞරවයක්. ඒ නිසාමයි 1957 සිට අප රට සමඟ තානාපති සබඳතා ගොඩනඟා ගන්නට චීන රජය කටයුතු කළේ. මේ සියල්ල සමඟ කිව යුතු තවත් වැදගත් කරුණක් තමයි ඉදිරියේදී පත්වන මහජන නියෝජිතයන් වගේම වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතා අපේක්ෂා අවබෝධ කරගෙන රට වෙනුවෙන් කටයුතු කිරීම අවශ්‍යයි කියන දෙය. එය මේ මොහොතේ ඔබගෙන් රට අපේක්ෂා කරන දෙයක්. ඒ කරුණ හැම මොහොතේම හදවත් තුළ දරාගෙන මහජන සේවයට කැපවෙන්න කියන ඉල්ලීමත් මම කරන්න කැමතියි.

More articles

Latest article