33 C
Colombo
බදාදා, මැයි 31, 2023

බහු කාර්ය දෙපාර්තමේන්තුවේ කාර්ය සහායකයන් 35,000ක් ස්ථිර කිරීමේ වැඩපිළිවෙළක් – අගමැති

Must read

බහු කාර්ය සංවර්ධන කාර්යසාධක බළකා දෙපාර්තමේන්තුව යටතේ සිටින බහු කාර්ය, කාර්ය සහායකයන් 35,000කට ආසන්න පිරිස විවිධ දෙපාර්තමේන්තු යටතේ ස්ථිර කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) පැවසීය.

දැනට වඩා වැඩි දීමනාවක් ඔවුන්ට එහිදී ලැබෙන බවත්, NVQ සුදුසුකම් සපුරා තිබීම මත, ඊට සමානව ස්ථිර කිරීම් සිදු වන බවත් අගමැතිවරයා කියා සිටියේය.

සාමාන්‍ය පෙළ සුදුසුකම් නැති තරුණ තරුණියන් මීට වසර 2කට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය විසින් බහු කාර්ය, කාර්ය සහායකයන් ලෙස බඳවා ගත් බව පැවසූ අගමැතිවරයා පසුව මේ 35,000 පිරිසගේ ප්‍රශ්නය විසඳීමට බහු කාර්ය සංවර්ධන කාර්යසාධක බළකා දෙපාර්තමේන්තුවක් පිහිටු වූ බවද සඳහන් කළේය. ඔවුන්ගෙන් දැනට සිටින අති මහත් බහුතරය සුදුසුකම් මත ස්ථිර කිරීමට වත්මන් ජනාධිපතිවරයා වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයිද අගමැතිවරයා පැවසීය.

More articles

Latest article