ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී වැඩසටහන් සම්බන්ධයෙන් සෑහීමට පත් වන බව ගෝලීය හරිත වර්ධන කවුන්සිලයේ සභාපති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා පැවසීය.
හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර අරලියගහ මන්දිරයේ ඊයේ (07) පැවැති හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය, පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය, සූර්ය පැනල මඟින් විදුලිය උත්පාදන ව්‍යාපෘති සහ සූර්ය පැනල මඟින් වීදි ලාම්පු ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘති සම්බන්ධයෙන් සහයෝගය දෙන බවද ඒ මහතා එහිදී කියා සිටියේය. ශ්‍රී ලංකාවේ ඉදිරි අවුරුදු දහයක කාල රාමුවක් තුළ ක්‍රියාත්මක කෙරෙන නව බලශක්ති සැලැස්ම අගමැතිවරයා විසින් මෙහිදී බෑන් කී මූන් මහතා වෙත පිරිනමනු ලැබීය.
මෙම අවස්ථාවට ඇමැතිවරුන් වන අලි සබ්‍රි, බන්දුල ගුණවර්ධන, නසීර් අහමඩ්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අගමැති ලේකම් අනුර දිසානායක, පරිසර අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහ, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ යන මහත්වරු ද සහභාගී වූහ.