29 C
Colombo
සඳුදා, මැයි 27, 2024

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ හම්බන්තොට-තංගල්ල කර්යාලවලට අගමැති මුල්ගල් තබයි

Must read

ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ (RDB) හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය සහ තංගල්ල ශාඛා පරිශ්‍රය ඉදිකිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුල්ගල තැබුවේය.

දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව ලෙස ප්‍රාදේශිය සංවර්ධන බැංකුව සිය ගණු දෙනුකාර භවතුන්ට වඩාත් පහසුකම් සහිත සේවාවක් සැපයීමේ අරමුණෙන් නව බැංකු පරිශ්‍රය ඉදි කරයි.

සමෘද්ධි,ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතාගේ ආරාධනයෙන් අගමැතිවරයා මුල්ගල තබන අවස්ථාවට එක් විය.

නව බැංකු පරිශ්‍රය තංගල්ල බෙලිඅත්ත මාර්ගයට මුහුණ ලා ඉදිවෙයි.

මෙම අවස්ථාවට තරුණ කටයුතු ක්‍රීඩා හා සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ ඇමැති නාමල් රාජපක්ෂ, රාජ්‍ය ඇමැතිවරුන්වන ශෙහාන් සේමසිංහ, ඩී.වී. චානක, තේනුක විදානගමගේ, ජානක වක්කුඹුර, ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ සභාපති මහින්ද සාලිය,සාමාන්‍යාධිකාරී, ප්‍රධාන විධායක නිලධාරී දමිතා කුමාරි රත්නායක මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශිය සංවර්ධන බැංකුවේ කාර්ය මණ්ඩලය හා ගනුදෙනුකරුවෝ පිරිසක් එක්ව සිටියහ.

More articles

Latest article