25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

නව ව්‍යවස්ථා කෙටුම්පත ජනවාරියට පෙර සකසනවා – අගමැති

Must read

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත සකස් කිරීමේ කටයුතු මේ වසරේදී නිම කිරීමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ කෙටුම්පත සකස් කිරීමේ කටයුතු දැනට අවසන් අදියරේ පවතින බවද ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියා සිටියේය.

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් රටට නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට පොරොන්දුවක් දුන් බවත් ජනතාව දුන් ඒ ජනවරමට අනුව ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කර ගෙන යන බවත් මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

පැරණි ව්‍යවස්ථාවේ අඩුපාඩු හඳුනාගෙන නව ව්‍යවස්ථාව සකස් කරන බව පැවසූ අගමැතිවරයා නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා ඇමැති මණ්ඩලයේ එකඟත්වය අනුව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කර ඇති බවත් සඳහන් කළේය.

අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු අබ්දුල් වහීබ්, අබ්දුල් සලාම්, මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න, මහාචාර්ය ජී. එච්. පිරිස්, ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ ජනාධිපති නීතිඥ නවීන් මාරපන සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඒ. එස්. සර්වේස්වරන් යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරන බවද හෙතෙම පැවසුවේය.

More articles

Latest article