28.8 C
Colombo
ඉරිදා, මැයි 26, 2024

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් කීර්තිමත් යුද සෙනවියෙක් – අගමැති

Must read

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් මහතාගේ අභාවය පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත සිය ශෝකය ප්‍රකාශ කළේය.

කීර්තිමත් යුද සෙනවියකු වන ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවත් මහතාත්, ඔහුගේ බිරිය මධුලිකා රාවත් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 11 දෙනකු හෙලිකොප්ටර් අනතුරකින් මියයෑම පිළිබඳව ඉන්දීය රජයට සහ ජනතාවට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ජෙනරාල් බිපින් රාවත්, ඔහුගේ බිරිය සහ අනෙකුත් කාර්ය මණ්ඩලය තමිල්නාඩුවේ දී මෙම ඛේදජනක හෙලිකොප්ටර් අනතුරට ලක්වූහ.

මෙම වියෝවෙන් ශෝකයට පත් මියගිය සියලු දෙනාගේ පවුලේ සාමාජිකයන් සහ ඥාතීන් වෙත ශ්‍රී ලංකා රජය සහ ජනතාව තමන් සමඟ සිය සාතිශය සංවේගය පළ කරන බවද අගමැතිවරයා පැවසීය.

ඉන්දු-ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා ඉමහත් දායකත්වයක් දුන් සුවිශේෂී මිතුරකු ලෙස ජෙනරාල් බිපින් රාවත් ගේ මතකය දිගුකල් රැඳෙනු ඇති බව ද අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.

More articles

Latest article