ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කර ඇත.
ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපිය භාරගත් අතර ලබන සතියේ එම ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන සුදේව හෙට්ටිආරච්චි මහතා වසර 25කට අධික මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු, වැඩසටහන් නිෂ්පාදකවරයෙකු අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති අතර ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබීමට පෙර ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේය.