25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

පාස්කු ප්‍රහාරයේ චූදිතයන් සම්බන්ධයෙන් නීතිපතිවරයා පොලිස්පතිගෙන් විමසයි

Must read

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පවසා සිටින්නේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යවා ඇති බවයි.

එම ලිපිය මගින් නීතිපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවෙන සැකකරුවන් 42කට එරෙහිව ඇති සාක්ෂි සම්බන්ධයෙන් ලිඛිතව තහවුරු කරන ලෙස ඉල්ලා ඇති බවත් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින්නේ ද යන්න වැඩිදුරටත් විමසා ඇති බවත් නිශාරා ජයරත්න මෙනෙවිය පවසා සිටියාය.

එම විමසීමට හේතු වශයෙන් පෙන්වා දී ඇත්තේ සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණ අසම්පූර්ණ වීම බවයි.

More articles

Latest article