33 C
Colombo
බදාදා, මැයි 31, 2023

නිරෝධායන නීති කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔසවාගෙන රැගෙන යාම මින් ඉදිරියට සිදු නොකළ යුතුයි – පොලිස්පති

Must read

මුව ආවරණ නො පැලඳ තැන තැන රැඳී සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔසවාගෙන රැගෙන යාම මින් ඉදිරියට සිදු නොකළ යුතු බවට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විශේෂ චක්‍රලේඛයක් මගින් සියලුම උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මේ ආකාරයෙන්ම පුද්ගලයන් ඔසවාගෙන යාමේදී ඔවුන් අතර ආසාදිතයකු සිටියහොත් පොලිස් නිලධාරීන්ට ද එය ආසාදනය වීමට අවදානමක් ඇති නිසා මෙම පියවර ගත් ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එසේම මෙලෙස අත්අඩංගුවට ගන්නා පිරිස එකම රථයක් තුළ එක්රැස් කිරීමෙන් තවත් පිරිසකට ඒ ආසාදනය වීමේ හැකියාවක් ඇති බවටද පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයෙන් සඳහන් වෙයි.

මින් ඉදිරියට මුව ආවරණ නොමැතිව තැන තැන රැඳී සිටින පුද්ගලයන් ඔසවා ගෙන නොයන ලෙසටත්, අත්අඩංගුවට ගන්නා පිරිස් එකම රථයක එක්රැස් නොකරන ලෙසටත් පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.

More articles

Latest article