25 C
Colombo
ඉරිදා, නොවැම්බර් 27, 2022

අවුරුදු සමයේ අන්තර්ජාලය යොදා ගනිමින් මත්පැන් සහ මත්ද්‍රව්‍ය සාද පවත්වන්නන් සොයා පොලිස් විමර්ශන අරඹයි

Must read

අන්තර්ජාලය යොදා ගනිමින් විවිධ සාද සංවිධානය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පොලීසියට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවරගෙන ඇති බවද ඔහු පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් විශේෂ චක්‍රලේඛයක් ද නිකුත්කර ඇති බවය.

“අන්තර්ජාලය උපයෝගී කරගෙන අලුත් අවුරුදු දින හෝ ඊට පසුදින විවිධ මත්පැන් සහ මත්ද්‍රව්‍ය සඳහා සාද සංවිධානය කරමින් සිටින බවට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව පොලීසිය නිරන්තර අවධානයෙන් පසුවෙනවා. උත්සව ශාලා හිමියෙක් සාද පැවැත්වීම සඳහා එම ස්ථානයක් ලබා දෙනවා නම් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය ලබාගත යුතුයි. කෙසේවෙතත් මත්ද්‍රව්‍ය බෙදා හැරීමක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක වෙනවා,” යනුවෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

More articles

Latest article