වරාය නගරය කොළඹ නගරයේ ම දිගුවක් බව වරාය නගර ව්‍යාපෘතිය සමාගමේ මානව සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් මහතා අද කොළඹදී පැවැති විශේෂ දේශනයකට එක්වෙමින් කියා සිටියා.
තරුණ නීතිඥයන්ගේ සංගමය වරාය නගරය පිළිබඳව සාකච්ඡා මණ්ඩපයක් කැඳවා තිබුණා මේ සඳහා කස්සප සෙනරත් මහතා නීතිඥ ශිරාල් ලක්තිලක නීතිඥ උපුල් කුමාරප්පෙරුම පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ කැඳවා තිබුණා.
කස්සප සෙනරත් මහතා කියා සිටින්නේ ශ්‍රී ලංකා සමාජයේ ම කොටසක් බවයි මේ පිළිබඳව සැඟවීමට අවශ්‍ය නැති බවයි වරාය නගරයට කිසිවකු විරෝධය දක්වන්න විරෝධය දක්වන්නෙ කොමිසමටයි මෙය මුල සිටම විවිධ හැලහැප්පීම් එක්ක ආ ගමනක් ්‍යාපෘති සමාගම රටේ ජනතාව තරහා කරගන්න යන්න බෑ. විවෘත ආර්ථිකය උපරිම තත්ත්වයට ඇවිල්ලා මීට වඩා විවෘත කරන්න බෑ වරාය නගරයේ එය උච්චතම අවස්ථාව රටේ බුද්ධිය ගලා යමින් පවතිනවා එම ගලා ගිය බුද්ධිය ලංකාවට ගෙන්වා ගැනීමට ඇති හොඳම ස්ථානය වරාය නගරය කලාපේ බලතුලනය ඇති කිරීමටද මෙය ඉවහල් වෙනවා රටේ ආර්ථික දුෂ්කරතා මග වාගේ හරවා ගැනීමට හැකි හොඳම තැන වරාය නගරය.
නීතිඥ ශිරාල් ලක්තිලක
සංකල්පයක් ලෙස වරාය නගර ව්‍යාපෘතියට අපේ කිසිම විරෝධතාවයක් නෑ මහින්ද මහතාට යහපාලනයත් මේකට කෙටුම්පතක් ගෙනාවා එම කෙටුම්පත් දෙකම එක සමානයි නමුත් දැන් ඉදිරිපත් වී තිබෙන කෙටුම්පත ිශාල පරස්පර තිබෙනවා ඒකයි අපට තිබෙන ප්‍රශ්නය ලංකාවේ නීතිය බලපාන්නේ නැති තැන් මේකෙ තිබෙනවා
නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා ද මෙහිදී අදහස් දැක්වූවා
වරාය නගරය පිළිබඳ අපිට විරෝධයක් නැතත් පනත පිළිබඳ විරෝධයක් තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ ද මෙහිදී අදහස් දැක්වූවා
වරාය නගර ව්‍යාපෘතිය බල ගැටුමක ආරම්භයයි ව්‍යාපෘතියට සමහරු කැමති කියනවා කොමිසම් පනතට විරෝධය දක්වනවා අපි මුල සිටම ව්‍යාපෘතියටයි පනතටයි දෙකටම විරුද්ධ වන්නේ දෙකම එකක් වන නිසා එය වෙන්කර දැක්වීමට බැරි ලෙස ඒවා කේන්ද්‍රස්ථානයක් කියලා මේක කියන්නේ ඒ උනාට මෙය ජාවාරම්කාරයන් ගේ තැනක් චීන නෞකාවක් ඇවිල්ලා හම්බන්තොට වරායට නෂ්ටික මූලද්‍රව්‍ය ගෙනත් තිබුණා ඔවුන් පෙන්නුවෙ ඔවුන්ට එහි අයිතිය ඇති බවයි චීන ආරක්ෂක ඇමති ලංකාවට ආ විට කැනඩාව ඇමෙරිකාව ඇතුළු රටවල් වල තානාපතිවරු ගිහිල්ලා විපක්ෂ නායක හමුවෙනව බල අරගලයේ කොටසක් බව ඒකෙන් තේරෙනවා.