29 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

තරඟකාරී ලෝකයක ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සඳහා අලුත් ආයතන සහ ක්‍රමවේද ස්ථාපනය කිරීම කාලීන අවශ්‍යතාවක් – අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

Must read

මේ කොවිඩ් වසංගතය පාලනය කරන අතරතුර ම රටේ ආර්ථිකය පිළිබඳ ව සිතන්නට රජයට සිදුවෙලා තිබෙන බවත් වගකිවයුතු රජයක් විදියට එන්නත්කරණය සිදුකරන අතරතුර රටේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග, ආදායම, අලුත් රැකී රක්ෂා සම්පාදනය කිරීම හා ආර්ථිකය ඉදිරියට ගෙන යාම විශේෂ අභියෝගයක් වෙලා තිබෙන අතර ඒ සම්බන්ධ ව ඉදිරි ක්‍රියාමාර්ගයක් වශයෙන් ‘වරාය නගර පනත’ මේ මස 19 සහ 20වන දිනයන්හි පාර්ලිමේන්තුවට රැගෙන ඒමට බලාපාරොත්තුවන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ 17වන දින කොළඹ නෙලුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
මේ වනවිට වරාය නගර පනත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ මතය මේ වනවිට කතානායකතුමාට ලබා දී තිබෙන අතර එය එතුමා විසින් හෙට උදෑසන එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒ සම්බන්ධ ලබා දී තිබෙන නිර්දේශ අනුව පනතේ අවශ්‍ය සංශෝධන සිදු කරන්නට ත් එම සංශෝධනවලට යටත් ව පනත සම්මත කර ගැනීමට ත් බලාපොරොත්තු වන බැව් ද පැවසී ය.


“තරඟකාරී ලෝකයක ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සඳහා අලුත් ආයතන සහ ක්‍රමවේද ස්ථාපනය කිරීම ද කාලීන අවශ්‍යතාවක්. රජය ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශකොට තිබෙන සංශෝධන සිදු කිරීමට රජය බැඳී සිටින අතර ‍එම සංශෝධනවලින් බොහොමයක් රජයේ උපදෙස් පරිදි අපේ ම නීතිඥයන් විසින් සකසා තිබෙන අතර නීතිපති හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඒවා යොමුකර තිබේ. එම සංශෝධනවලට යටත් ව මැයි 20වන දින එම පනත සම්මත කරගැනීමට රජය අපේක්ෂාවෙන් සිටී.


රටේ මැතිවරණ ක්‍රමය පිළිබඳ සංශෝධන ඉදිරිපත් කිරීමට ද මේ වනවිට තේරීම් කාරක සභාවක් පත් කර ඇත. එහි සභාපතිත්තවය පාර්ලිමේන්තුවේ සභානායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උසුලන අතර එහි ආරම්භක රැස්වීම 2021/05/17 එනම් අද උදෑසන පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම සංශෝධන ඉදිරිපත් කිරිම සඳහා මාස 06ක කාලයක් ලබා දී තිබෙන අතර එම කාලය තුළ එය ඉදිරිපත් කිරීමට බලාපා‍රොත්තුවන බව ත් ඒ සඳහා යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට මහජනතාවට, සිවිල් සංවිධාන ඇතුලු සියලු ම පුරවැසියන්ට හැකියාව ඇති බව ත් එම යෝජනා ජුනි මස 30වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින බව ත් අමාත්‍යවරයා අවධාරණය ‍කළේ ය.

එසේ ම මේ වනවිට කොරෝනා උවදුරෙන් ජයග්‍රහණය කිරීම සඳහා රජය පැහැදිලි වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කරගෙන යන අතර පසුගිය දින 04ක් තුළ දිනකට එන්නත් 68 000ක් ලබාදීමට හැකියාව ලැබුණු බව ත් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මාත්‍රා 02ක ම 2 65 000කට ලබා දී ඇති අතර සයිනොෆාම් එන්නත 244880ක් සහ ස්පුට්නික් එන්නත් 14 699ක් ලබා දී තිබෙන බවත් තවත් මාත්‍රා 1 85 000ක් පමණ බලාපොරොත්තුවෙන් සිටින බව ද පැවසී ය. කෙසේ වෙතත් රජයේ අරමුණ එන්නත්කරණය මඟින් තත්ත්වය පාලනය කිරීමට ත් රෝගය බෝවීම වැළැක්වීම සඳහා අනෙකුත් ක්‍රියාමාර්ගයන් අනුගමනය කරමින් දැනට දිනකට වාර්තාවෙන 2500කට අධික ආසාධිතයින් ඉතා ඉක්මනින් දිනකට 200කට 250කට අඩු කරමින් ක්‍රමයෙන් මෙම උවදුරෙන් මිදීම බැව් ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය. ‍


එමෙන් ම පාසල් ඉතා ඉක්මනින් විවෘත කිරීමට නම් පාසල් තුළ අවශ්‍ය සෞඛ්‍යාරක්ෂණය සුරක්ෂිත කළ යුතු බව ත් එබැවින් පාසල් ගුරුවරුන්ට එන්නත ලබාදීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකොට තිබෙන බවත් මේ වනවිට බස්නාහිර පළාතේ ගුරුවරුන්ට එම අවස්ථාව උදාකර දී තිබෙන අතර ඉතා ඉක්මනින් අනෙකුත් පළාත්වල ද එම කටයුත්ත සිදු කිරීමට අපේක්ෂා කරන බව ද පැවසී ය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පා.ම. අධිනීතිඥ සාගර කාරියවසම් මහතා ද එක් විය.

More articles

Latest article