25 C
Colombo
බදාදා, ඔක්තෝබර් 4, 2023

වරාය නගරය ආර්ථික කොමිසන් සභා කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රකාශයට පත් කරයි

Must read

කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇතැම් වගන්ති සම්මත කිරීම සඳහා විශේෂ බහුතරයක් අවශ්‍ය බවත්, තවත් වගන්ති කිහිපයක් සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක්ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ.

කෙසේ වෙතත් අදාළ වගන්ති සංශෝධනය කෙරෙන්නේ නම් සරල බහුතරයකින් එය සම්මත කළ හැකි බවටද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කථානායකවරයා සඳහන් කළා.

More articles

Latest article