25.7 C
Colombo
සෙනසුරාදා, දෙසැම්බර් 3, 2022

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට නොගැනේ

Must read

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (05) දිනයේ නොපැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කෙරිණ.

ඒ වෙනුවට අද දින ආරම්භ කරන ලද “රටේ පවතින වර්තමාන තත්ත්වය” පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද (05) දිනයේ ද පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා තවදුරටත් පැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙතෙක් කථානායකවරයාට නොලැබීම හේතුවෙන් මෙලෙස විවාදය 05 වැනිදා නොපැවැත්වීමට තීරණය කළ බව දසනායක මහතා කීවේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලැබුණු පසු මීළඟ පාර්ලිමේන්තු රැස්වීම් වාරයේදී එම පනත් කෙටුම්පත විවාදයට ගැනීමට තීරණය කර තිබේ.  විවාදය පාර්ලිමේන්තුව දිවා ආහාරය සඳහා අත්හිටුවීමකින් තොරව පැවැත්වෙන බවද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. පවතින කොවිඩ් 19 අභියෝගය හමුවේ මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම මැයි 04 සහ 05 යන දින 02 තුළදී පමණක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය අප්‍රේල් 30 වැනිදා තීරණය කළේය

More articles

Latest article