25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

අද බක් පුර පළොස්වක පොහොය දිනයයි

Must read

සිරිලක දෙවැනි වරටත් බුදු සිරිපා පහසින් පිවිතුරු බවට පත් වුණේ බක් පොහෝ දවසකයි.


බුද්ධත්වයෙන් පස්වෙනි වර්ෂයේ චූලෝදර, මහෝදර යන නා රජුන් දෙදෙනා අතර මැණික් පුටුවක් අරබයා ඇති වුනු ආරවුල බුදුන්වහන්සේ දිවැසින් දැක කෙරෙහි කරුණාවෙන් සුවසෙත සලසනු පිණිස බක් මස අව පසළොස්වක දා අළුයම ඍද්ධියෙන් නාගදීපයට වැඩමකරන සේක.


මේ ගමනට දෙව්රම් දොරටුවේ කිරිපලු රුක අරක්ගෙන සිටි සමිද්ධි සුමන නම් දෙවියා තමාගේ වාස භවනය වන කිරිපලු වෘක්‍ෂය ජත්ෝ‍රයක් මෙන් ඔසවා ගෙන පැමිණියා.


මහෝදර නා රජුගේ මාමා වූ මණිඅක්ඛික නාග රාජයා කැලණියේ සිට බෑනාට උදව් පිණිස පැමිණ සිටියා.
බුදුරදුන්ගේ ප්්‍රථම ලංකා ගමනෙදී බණ අසා සරණ සිල් පිහිටා සිටි මණිඅක්ඛික නා රජු එදින බුදුන්වහන්සේට තමාගේ වාස භවනය වූ කැලණියට වඩින ලෙස ආරාධනා කළා.


සතර පෙරනිමිති වලින් පළමු පෙරනිමිත්ත වූ මහල්ලෙකු, සිදුහත් කුමරු ඇස ගැටීම සිදුව ඇත්තේ ද අද වැනි දිනක යි.


මෙම ඓතිහාසික සිද්ධිවලින් ශ්‍රේෂ්ඨතවයට පත් බක් පෝය බෞද්ධ ජනතාවට ඉතා සුවිශේෂී පොහයෙ දිනයක් වනවා.

More articles

Latest article