31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

කොහාගේ බිත්තර කන්න එන නයි පොළොන්ගුන්ට පොහොට්ටුවේ අපි කොටනවා – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

Must read

කොහාගේ බිත්තර රකින්නේ පොහොට්ටුවේ අපි. ඒ බිත්තර කන්න එන නයි පොළොන්ගුන්ට කොටනවා යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී අද (2) පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසූයේ අතුරු අයවැය පිළිබඳ විවාදයේ අදහස් දක්වමිනි.

රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටවකු වගේ” යැයි අයවැය විවාදය අරඹමින් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉකුත් 31වෙනිදා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ප්‍රසන්න රණතුංග මහතා මේ බව කීය.

“ජනාධිපතිතුමා ඒ සියල්ල අමතක කරලා රට ගැන හිතලා රට අර්බුදයෙන් ගොඩ ගන්න ඒ අයට ආරාධනා කළා. විපක්ෂය එතුමා කපුටු කූඩුවේ බිත්තර දැමූ කොහෙකුට සමාන කරනවා. එරබදු මල් පිපිලා අවුරුදු එන බව අපිට මුලින්ම කියන්නෙත් කොහා කියලා මතක තියාගන්න.ඔව් ,අපි ඒ කොහාට බිත්තර දාන්න අපි අපේ කූඩුව දුන්නා.අපි කැමැත්තෙන් දුන්නේ. කොහා කියලා දැනගෙන දුන්නේ. ඒ නිසා අපි කොහාට කොටන්න යන්නේ නෑ.

එතුමා මුලින්ම කුඩු හදන්න උත්සහා කළේ ඔබතුමාලා එක්ක. ඔබතුමාලා තමයි එතුමාට කොටලා එලෙව්වේ ,යනුවෙන් ද ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

More articles

Latest article