25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

වර්තමානයේ පවතින කොවිඩි-19 වසංගතයෙන් ලොව වඩාත් අභියෝගයට ලක්වන කණ්ඩායම කම්කරු‍ ප්‍රජාවයි – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Must read

රජය පොරොන්දු වු පරිදි ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වය තහවුරු කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පවසන්නේ අපේ උරුමයන්ට සහ දේශියත්වයට කිසිදු හානියක් නොවන පරිදි ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.

කෘෂි ආර්ථිකය ඉහළ නැංවිමට ද අවශ්‍ය ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව පෙන්වා දෙන ජනාධිපතිවරයා බොහෝ කම්කරු ප්‍රජාවන් දැඩි පීඩාවට පත්කරන දුප්පත්කම අප සමාජයෙන් තුරන් කරලීමට පැහැදිලි ආර්ථික සැලැස්මක් සකස් කොට ක්‍රමවත්ව ක්‍රියාත්මක කරමින් පවතින බව සඳහන් කළේය.

ජාත්‍යන්තර  කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියාසිටියේය.

එමෙන්ම වර්මතානයේ පවතින කොවිඩ් -19 වසංගතයෙන් ලොව වඩාත් අභියෝගයකට ලක්වන කණ්ඩායම කම්කරු ප්‍රජාව බව ජනාධිපතිවරයා පවසයි.

රටේ වැඩකරන ජනතාවට මුහුණදීමට සිදුවන ඒ යථාර්ථය ආණ්ඩුව නිවැරදිව අවබෝධ කරගෙන සිටින බැවින් එම ජනතාවගේ ජන ජීවිතය අඩාල වන සීමා පැනවීම් නොකොට ඔවුන්ගේ ජිවිත යථාවත්ව ගෙනයාමට රජය නිරතුරුවම කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

More articles

Latest article