31 C
Colombo
අඟහරුවාදා, මාර්තු 26, 2024

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනපතිට භාරදෙයි

Must read

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදෙනු ලැබීය.

කසළ කළමනාකරණය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් යෝජනා කරනු පිණිස ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සාමාජිකයින් 14දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගිය ජූලි මස පත්කරනු ලැබීය.

ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා එහි සභාපතිවරයා විය. කමිටු නිර්දේශ ඇතුළත් වාර්තාව රොහාන් සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපතිවරයාට භාරදෙනු ලැබීය.

එම විශේෂඥ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කරන බව එහිදී ජනාධිපති රාජපක්ෂ මහතා පැවසීය.

More articles

Latest article