27.8 C
Colombo
අඟහරුවාදා, සැප්තැම්බර් 26, 2023

ගම සමග පිළිසඳර ප්‍රගතිය බලන්න ජනපති හල්දුම්මුල්ලට යයි

Must read

“ගම සමග පිළිසඳර” පළමු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (26) පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයේ චාරිකාවක නිරත විය.

මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්වල ජනතාව හමුවී ඔවුන්ගේ ගැටලු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානය යොමු කොට විසඳුම් දීමේ අරමුණින් පසුගිය සැප්තැම්බර් 25 වන දින “ගම සමග පිළිසඳර” වැඩසටහන ජනාධිපතිවරයා විසින් ආරම්භ කළේය.

බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස හඳුනාගෙන තිබූ හල්දුම්මුල්ල වෙලංවිට ග්‍රාමය, වැඩසටහනේ පළමුවැන්න විය. 

ජනතාව පෙන්වා දුන් සහ එහිදී හඳුනාගත් ගැටලුවලට කඩිනමි විසඳුම් දීමට ජනාධිපතිවරයා අදාළ බලධාරින් වෙත පවරනු ලැබීය.

මාස 07කට පසු එහි ප්‍රගතිය සොයාබැලීම ජනාධිපතිවරයාගේ අද චාරිකාවේ අරමුණ විය. 

‍ජනතාවගේ ඉල්ලීම පරිදි යුද හමුදාව ඉදිකළ කොටබෝගස්තැන්න ක්‍රීඩාංගණයෙන් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණ චාරිකාව ආරම්භ කෙරිණ. 

හපුතලේ සිට වෙලංවිට දක්වා බස්රථ දෙකක් ධාවනයට එක් කිරීම අද සිට සිදු කෙරේ. දිනකට ගමන් වාර දෙක බැගින් ගම්මාන 08ක් ඔස්සේ බස්රථ දෙක ධාවනයෙන් මෙතෙක් පැවති ප්‍රවාහන දුෂ්කරතාවට විසඳුම් ලැබේ.

වනඅලි ප්‍රහාරවලින් කැඩී ගිය, යුද හමුදාව ඉදිකළ නව නිවස ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

“ගම සමග පිළිසඳර” ප්‍රතිලාභ අත්කර ගත් ඉඩම් ඔප්පු ලාභීන් කිහිප දෙනෙකු සමග කෙටි පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා වගා කටයුතුවල අඛණ්ඩව නිරත වන ලෙස උපදෙස් දුන්නේය. 

More articles

Latest article