25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

කොතරම් දුෂ්කර තත්ත්වයන් හමුවේ වුවත් අපගේ රජයන් කම්කරු ජනතාව වෙනුවෙන් දිය යුතු නිසි ගෞරවය ලබා දී ඇත – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

Must read

පොදුවේ තම රටට පමණක් නොව සමස්ත ලෝකයේම අභිවෘධිය උදෙසා කම්කරු  ජනතාව කරනු ලබන කැපවීම සෑම කල්හිම ඉතා ප්‍රශංසනීය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

කෙසේවෙතත් ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ මෙන්ම මෙවර ද පෙළපාලි හා රැස්විම්වලින් තොරව කම්කරු දිනය සැමරීමට සිදුව ඇති බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

කොතරම් දුෂ්කර තත්ත්වයක් හමුවේ වුවද රජය කම්කරු ජනතාව වෙනුවෙන් දිය යුතු නිසි ගෞරව ලබාදුන් බව පවසන අග්‍රාමාත්‍යවරයා, කම්කරු අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ඇප කැප වන බව සඳහන් කළේය.

ජනහිතකාමී වැඩබිමක් සුරක්ෂිත දේශයක් යන මැයෙන් සමරනු ලබන කම්කරු දිනය දේශීය ආර්ථිකය නඟාසිටුවීමට කම්කරු ජනතාව එකාමෙන් අත්වැල් බැඳගනු ඇතැයි තමා විශ්වාස බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේය.

More articles

Latest article