32 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

දෙවැනි එළිසෙබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශෝක විවාදය 23 වැනිදා

Must read

අභාවප්‍රාප්ත දෙවෙනි එලිසබෙත් මහ රැජින වෙනුවෙන් ශෝක යෝජනා විවාදයක් ලබන 23 වැනිදා සිකුරාදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

මහරැජිණ වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම පෙ.ව 9.30 සිට ප.ව 12.30 දක්වා සිදු කෙරෙනු ඇත.

අභාවප්‍රාප්ත එලිසබෙත් මහ රැජිනට ගෞරව දැක්වීම සඳහා පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරු විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පාර්ලිමේන්තුවේදී පසුගිය 8 වෙනිදා පළ කළහ.

මේ අතර ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ විවාදය දෙවැනි දිනයටත් 23 වැනිදා සිකුරාදා පැවැත්වීමට නියමිතය.

එම විවාදය පස්වරු 1.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත.

More articles

Latest article