34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

දෙවන එළිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී විනාඩි 2ක නිහඬතාවයක්

Must read

බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් මෙරට පාර්ලිමේන්තුවේ දී ශෝකය පළකර තිබේ.

අද පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණි.

එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එළිසබෙත් මහ රැජිණගේ අභාවය පිළිබඳව ප්‍රකාශයක් සිදුකළේය.

අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයෙන් රැජිණගේ අභාවය පිළිබඳව ශෝකය පළ කිරීම සඳහා සියලු මන්ත්‍රීවරුන් අසුන්වලින් නැගී සිට මිනිත්තු දෙකක නිහඬතාවක් පවත්වනු ලැබීය.

අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද ප්‍රකාශයක් සිදුකරමින් රැජිණගේ අභාවය පිළිබඳව සමගි ජන බලවේගය පක්ෂයේ සංවේගය පළ කළේය.

More articles

Latest article