31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

රන්ජන් රාමනායක අධිකරණයෙන් සමාව ගනී

Must read

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා දිවුරුම් ප්‍රකාශයක් යොමු කරමින් අධිකරණයෙන් ඊයේ (25) සමාව අයැද සිටියේය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පළමු නඩුවට හා දෙවැනි නඩුවට අදාළව අධිකරණයෙන් මෙසේ සමාව ඉල්ලා සිටින බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වේ.

තමන් කළ ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශය නිසා අගවිනිසුරු ඇතුළු නීති ක්ෂේත්‍රයේ සියලු දෙනාට අගෞරවයක් ඇති වීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර ඇත. තමා විසින් කරන ලද ප්‍රකාශ අසත්‍ය බවත් එම ප්‍රකාශ ඉල්ලා අස් කර ගන්නා බවටත් ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ නොකරන බවටත් රාමනායක මහතා අධිකරණයට දුන් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබේ. 2017 අගෝස්තු 21 දා අරලියගහ මන්දිරයෙන් පිටත කළ ප්‍රකාශයට පළමු නඩුව ගොනු කරමින් 2021 ජනවාරි 12 දා ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරිණි.

පළමු ප්‍රකාශය ඉවත් කර නොගන්නා බවට අධිකරණ භූමියේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙවැනි නඩුව ගොනු කර තිබිණි.

More articles

Latest article