31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 20, 2024

රංජන්ට වසර 7ක් යනතුරු මැතිවරණවලට තරඟ කරන්න බැහැ

Must read

ජනාධිපති සමාව හිමි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට වසර 7ක් යනතුරු මැතිවරණ සඳහා තරග කළ නොහැකි බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා. අමාත්‍යවරයා සදහන් කළේ රංජන් රාමනායකට පූර්ණ නිදහස හිමි වී නොමැති බවයි.

කිසියම් දේශපාලඥයකු මාස 06කට වඩා සිරදඩුවම් විද ඇත්නම් ඔහුට වසර 07කට ප්‍රජා අයිතිය අහෝසි වනවා. කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (2) වගන්තිය යටතේ සමාව හිමි වූයේ නම්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ද හිමිවනවා. එහෙත් රන්ජන් රාමනායකට ජනාධිපති සමාව හිමිව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) (ඈ) වගන්තිය යටතේයි. ඒ අනුව, රංජන් රාමනායකට වසර 7ක් යනතුරු මැතිවරණ සඳහා තරග කිරීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ හැකි වන්නේ නැහැ.

කෙසේ වෙතත්, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසුවේ අවශ්‍ය අවස්ථාවකදී මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට රන්ජන් රාමනායකට ඉඩ ලබා දිය හැකි බවයි. මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාටද නිදහස ලබා දීමේදී පළමුව මෙවැනි කොන්දේසි සහිත සමාවක් ලබා දී ඉන්පසුව පූර්ණ සමාවක් ලබාදුන් බවයි අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසුවේ.

More articles

Latest article