31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

රන්ජන්ගේ ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

Must read

බන්ධනාගාර ආයතනවල සපයන ආහාර ප්‍රමිතියෙන් තොර බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි.

පණුවන් සිටින මාළු හෝ දහඩිය, සෙම්, සොටු සමඟ ආහාර පිසීම කිසිදු අවස්ථාවක සිදු නොවන බව වගකීමෙන් ප්‍රකාශ කරන බව අවධාරණය කරන චන්දන ඒකනායක මහතා පවසන්නේ බන්ධනාගාර ආයතනවලට අනුයුක්තව සිටින මහජන පරීක්ෂකවරුන් හා වෛද්‍යවරුන් අවශ්‍ය අවස්ථාවලදී පරීක්ෂා කිරීම් සිදු කර ආහාර බන්ධනාගාර වෙත නිකුත් කරන බවයි.

ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය තිබී හඳුනා ගතහොත් ඔවුන්ගේ ඒවා බන්ධනාගාර තුළට නොගෙන ප්‍රතික්ෂේප කිරීම සිදු කරන බවද ඒකනායක මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ, සැපයුම්කරුවන් සපයන ආහාර ද්‍රව්‍ය බන්ධනාගාර දොරටුවේදී පරීක්ෂා කර බන්ධනාගාර මුළුතැන්ගෙට භාර දීමෙන් අනතුරුව ඒවා පිරිසිදු කිරීමේ සිට ආහාර පිසීම අවසන් කර රැඳවුවන් අතරේ බෙදාහැර අවසන් කරන තුරුම සියලු කටයුතු බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරන්නේ රැඳවූවන් වීම නිසා තම ආහාරවේලට සෙම් සොටු මිශ්‍ර කර ගනු ඇතැයි තමන් නොසාතන බවයි.ඔවුනට ඒ වා සකස් කිරීමට අවශ්‍ය ඒප්‍රන් හිසි වැස්ම ආදියද ගබා දී සෞඛ්‍ය ආරක්ඹතව මෙම ආහාර පිසින බවට සහතික විය හැකි බවද කොමසාරිස් වරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.

ප්‍රමිතියෙන් තොර කිසියම් ආහාර ද්‍රව්‍යයක් ඇත්නම් ආහාර පිසීම සිදු කරන රැඳවූවන් ඇතුළු සියලු රැවූවන්ට ඊට විරෝධතාව දැක්වීම සිදු වන අතර වසරකට බන්ධනාගාරවලට සිරකරුවන් ලක්ෂ ගණනක් බන්ධනාගාර වෙත යන එන බවත් මේ දක්වා එවැනි ගැටලුවක් පැන නැගී නොමැති බවත් ඔහු පැවසීය.

සකස් කළ ආහාර වේලෙන් පළමු සාම්පලය බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාට පරික්ෂා කිරීම සඳහා ඉදිරිපත් කරන බවත් එම පරික්ෂාවෙන් පසුව එවැනි ගැටලුවක් තිබුණහොත් රැඳවියන් ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයාට, ප්‍රධාන ජේලර්වරයාට හෝ බලධාරීන් දැනුවත් කරන බව ඒ කනායක මහතා කියයි.

ඒකනායක මහතාවැඩිදුරටත් පැවැසුවේ , රන්ජන් රාමනායක මහතා බන්ධනාගාරගතව සිටි වසර එකහමාරක කාලය තුළ ආහාරවල තත්ත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට පැමිණිලි කර නොමැති බවයි. “මගේ බන්ධනාගාර සේවා කාලය වසර 37යි. මගේ සේවා කාලය තුළ මම එක ම දවසකවත් පූසෙක් වැටිලා තියෙන පරිප්පු එකක්වත්, හොද්දක්වත් දැකලා නැහැ, අහලා නැහැ,” යනුවෙන් ද ඒ කනායක මහතා කියයි.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනාය නිවේදනයක් ද නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති බන්ධනාගාර ආයතනවලට ආහාර ද්‍රව්‍ය සැපයුම සඳහා සැපයුම්කරුවන් තෝරාගැනීම ප්‍රසම්පාදන ක්‍රමවේද හරහා සිදු කරන අතර එම ආයතනවලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රමිතීන්ට අනුකූලව දිනපතා සැපයීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුම්ගත වී ඇති බවය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ජනාධිපති සමාව ලැබීමෙන් අනතුරුව පසුගිය දා පැවැත් වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ, බන්ධනාගාරවල පරිභෝජනයට නුසුදුසු ආහාර සිරකරුවන් වෙත ලබා දෙන බවය

More articles

Latest article