32 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

ආර්ථික අර්බුදයට පිළියම් සොයා ගත හැකි නායකයා රනිල් වික්‍රමසිංහ – රෝසි සේනානායක

Must read

IMF සමඟ සාකච්ජා කර රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයට පිළියම් සොයා ගත හැකි නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පැවැසුවාය.

පුරපතිනිය මේ බව සඳහන් කළේ මෙරට 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතීමට කොළඹ නගර සභාවේදී ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් කරුණු දක්වමිනි. යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරපතිනිය මෙසේ ද කීවාය.

“විවේචන ඉදිරිපත් නොකර එතුමාට කාලය ලබා දිය යුතුයි. රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩගැනීමට කොළඹ නගර සභාව ජනාධිපතිවරයාට උපරිම සහයෝගය දෙනවා.”

මෙහිදී නාගරික මන්ත්‍රීවරුන් වන ගලගම ධම්මරංසි හිමි, නියෝජ්‍ය නගරාධිපති එම්. ටී. එම්. ඉක්බාල්, මොහමඩ් රම්සි, සංජීව රොෂාන්, එම්. එච්. එම්. නවුෆර්, මොහමඩ් සෆාන්, ටයිටස් පෙරේරා, ඒ. ඩබ්ලිව්. එම්. අර්ෂාඩ්, ජී. පී. එම්. ඩබ්ලිව්. ජයවර්ධන, අජන්ත ලියනගේ, රෝයි නිශාන්ත, කේ. ජී. කුලතිස්ස, ජෙයරාජ් විෂ්ණුරාජ්, අලව්ඩීන් අස්ලාම්, යූ. සඳමාලි, දේවිකා මාතරආරච්චි යන මහත්ම මහත්මීහු ද සුබ පැතුම් එක් කරමින් අදහස් දැක්වූහ.

More articles

Latest article