25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍යයේ පරිසර ඇමැති ධුරයට

Must read

ශ්‍රී ලංකා සම්භවයක් සහිත රනිල් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍යයේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ ඇමැතිවරයා වශයෙන් පත් කර තිබේ.

බ්‍රිතාන්‍ය කොන්සර්වෙටිව් පක්ෂය නියෝජනය කරන ඒ මහතා 2020 වසරේ මැයි මස සිට 2022 වසරේ සැප්තැම්බර් මාසය තෙක් බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ඇමැතිවරයා වශයෙන් කටයුතු කර ඇත. 1986 වසරේදී බ්‍රිතාන්‍යයේ උපන් රනිල් ජයවර්ධන මහතා 2015 සිට මේ දක්වාම එරට ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටියි.

2015 වසරේ මැයි 08 දා පැවති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 35,573ක් ගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ රනිල් ජයවර්ධන මහතා ඉන්පසුව 2017 පැවති මහ මැතිවරණයෙන්ද 2020 ජනවාරි මාසයේ පැවති මැතිවරණයෙන්ද ජයග්‍රහණය කර තිබේ.

More articles

Latest article