29 C
Colombo
සඳුදා, මැයි 27, 2024

රන්ජන් රාමනායක ළඟ තිබී ජංගම දුරකථනයක් සොයා ගැනේ

Must read

වැලිකඩ බන්ධනාගාර රෝහලේ රදවා සිටින හිටපු සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක සතුව තිබී ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගෙන ඇත.

දණහිසේ ඇතිවු ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කිරිමට ඔහුව වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටින අතර බන්ධනාගාර රෝහලේ රාජකාරියේ නියුතු බන්ධනාගාර නිළධාරින් විසින් කළ හදිසි සෝදිසි කිරිමකදී ඔහු සන්තකයේ තිබි මෙම ජංගම දුරකථනය හා හැන්ඩ් ෆ්‍රී එකක් අත්අඩංගුවට ගෙන තිබේ.

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක දණහිසේ ඇතිවු ආබාදයක් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කිරිම සදහා පසුගිය 10 වන දින කොළඹ වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකර යවන ලදී.

මෙම තහනම් ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට බන්ධනාගාර අඥාපනතේ 78 වගන්ති ප්‍රකාරව චෝදනා නගා බන්ධනාගාර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන)මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර මුලික විමර්ශණයක් සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවද ඒකනායක මහතා පවසයි.

More articles

Latest article