33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන් බොරු – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

Must read

රාජ්‍ය සේවක වැටුප ලබන මාසයේ සිට කප්පාදු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. රජය කිසිසේත්ම එවැනි තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

රටේ ජනතාව කුපිත කරවීම සඳහා ඇතැම් පිරිස් සංවිධානාත්මකව ගෙන යන මෙවැනි ප්‍රචාරයන් තරයේ හෙළා දකින බව පැවසූ සියඹලාපිටිය මහතා, රාජ්‍ය සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීම රජය වගකීම සේ සලකන බව ද අවධාරණය කළේය.

More articles

Latest article