25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

රුහුණු විද්‍යා පීඨයේ ගැටුම ගැන අධ්‍යාපන අමාත්‍යංශය බරපතළ තීරණයක් ගනී

Must read

රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨයේ සිදුවූ සිසු ගැටුමට සම්බන්ධ සිසුන් 54 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අවලංගු කර තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

එමෙන්ම සිසු ගැටුම පිළිබදව රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨය මගින් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක කර තිබේ.

පසුගිය නොවැම්බර් 26 වන දින රුහුණු අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබූ අතර එහිදී තුවාල ලැබූ සිසුන් 12දෙනෙකු රෝහල් ගතකිරීමට ද සිදුවුණි.

මෙම ගැටුම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අවධානය යොමුකර ඇති බව පෙන්වාදෙන විද්‍යාපීඨ කොමසාරිස් රංජිත් චන්දසේකර මහතා ප්‍රකාශ කළේ, ගුරු අධ්‍යාපනයෙහි නියැලෙන ශික්ෂණලාභීන්ගේ විනය පවත්වා ගැනීම සඳහා ගතහැකි උපරිම පියවර අනුගමනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරන බවය.

More articles

Latest article