32 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

මන්ත්‍රී අතුරලියේ රතන හිමි දකුණු ආසියා බෞද්ධ සම්මේලනයේ සභාපති ධුරයට

Must read

දකුණු ආසියානු බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ පත් කර තිබේ.

දකුණු ආසියානු බෞද්ධ මහා සම්මේලනයේ රැස්වීම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බවුරි නගර්හි බෞද්ධ මහා විහාරස්ථානයේදී පසුගියදා පැවැත්වුණ අතර එහි ලේකම්වරයා ලෙස මහාචාර්ය නන්ද දාස් අගලේ මහතා ද, උප සභාපතිවරයා ලෙස මහාරාෂ්ට්‍රයේ අස්සජී ස්වාමීන්වහන්සේ සහ නේපාලයේ ව්‍යවස්ථා සභාවේ සාමාජික කිං පෝ චිංම්ඩ් රිංපොචේ මහතා ද තේරී පත්වූහ.

දින දෙකක් පුරා පැවැති මෙම සම්මේලනය සඳහා 25,000කට අධික පිරිසක් එක්වූ අතර, වර්තමානයේ ඇති වී ඇති සමාජ, ආර්ථික හා පාරිසරික අර්බුදයට පිළිතුරක් ලෙස බෞද්ධ ජීවන ක්‍රමය සමාජගත කළ යුතු බව අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ සභාපති ධුරයට පත්වීමෙන් පසුව සභාව අමතමින් පැවසූහ.

එම සම්මේලනයේදී කරුණු 9කින් සමන්විත සම්මුතියක්ද ප්‍රකාශයට පත් කර ගැනීම විශේෂයකි.

More articles

Latest article