27 C
Colombo
අඟහරුවාදා, ඔක්තෝබර් 3, 2023

රත්නපුර සමන් දෙවොලේ පඬුරු හොරුන් ඇල්ලීම ඉක්මන් කරන මෙන් ඉල්ලා පිරිසක් උද්ඝෝෂණයක

Must read

සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු හොරුන් ඇල්ලීම ඉක්මන් කරන මෙන් ඉල්ලා ප්‍රදේශවාසීන් පන්සීයකට අධික පිරිසක් සමන් දේවාලය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක නිරතව පසුව සමන් දේවාලයට පා ගමනින් ගොස් පොල් ගසා දෙවියන්ට කන්නලව් කර ඉල්ලා සිටියේ මෙම මහා පරිමාණ මුදල් වංචාව කළ පිරිස ඉක්මනින් හෙළිකර දීමටත්, මහා අනුහස් සහිත මෙම සමන් දේව පුදබිම හොරුන්ගෙන් ආරක්ෂා කර දීමටත් දිවැස් හෙළා කටයුතු කර දෙන ලෙසයි.

ලක්ෂ ගාණක් සහිත ගණනය නොකළ රුපියල් පන්දහසේ, දහසේ, පන්සීයේ නෝට්ටු සහිත මුදල් ගෝනි පසුගිය 8 වෙනි දින මධ්‍යම රාත්‍රීයේදී බස්නායක නිලමේවරයාට අයත් නිල නිවසේ පිහිටි මුදල් ගබඩාවේ තැන්පත් කර තිබීයදී වහලය සිවිලිම හා යකඩ දැල් ආවරණය කඩා ඇතුළු වූ හොරු එම මුදල් සහිත ගෝනි රැගෙන ගොස් තිබූ අතර, ප්‍රදේශවාසීන් පවසන්නේ සෑම වසරකම ජනවාරි පළමුවෙනිදාට යෙ‍ෙදන සතියේදී දිවයිනේ නන් දෙසින් විශාල බැතිමතුන් පිරිසක් මෙම දේවාලයට පුද පූජා තැබීමට දේව ආශිර්වාදය ලබා ගැනීමට පැමිණෙන බැවින් විශාල පඬුරු ප්‍රමාණයක් එකතු වන බව දන්නා දේවාලය ඇතුළේම පිරිසක් මෙම මුදල් හොරකමට සම්බන්ධ බවට දැඩිව විශ්වාස කරන බවයි. ඒ අනුව වටේ නොගොස් දේවාලයේ නිලමේවරයා ඇතුළු පිරිසගෙන් ද කටඋත්තර ගන්නා මෙන්ද ඔවුහු පොලිසියෙන් ඉල්ලා සිටියහ.

More articles

Latest article