22 C
Colombo
ඉරිදා, ජනවාරි 29, 2023

රදැල්ල බස්-වෑන්-ත්‍රිරෝද රථ අනතුරින් 7ක් මරුට

Must read

නුවරඑළිය රදැල්ල කෙටි මාර්ගයේ අධික බෑවුම් ප්‍රදේශයකදී ඊයේ (20) රාත්‍රියේ බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් විනෝද චාරිකාවක නිරතව ආපසු යමින් තිබූ පාසල් ළමයින් සහිත බස්‍ රථයක් හා වෑන් රථයක් නුවරඑළිය නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් හත් දෙනෙකු මිය ගොස් 44 ට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි නානුඕය පොලීසිය පවසයි.

ඊයේ 20 වන දින රාත්‍රියේ 7.30ට පමණ මෙම අනතුර සිදුව තිබිණි. කොළඹ තර්ස්ටන් විදුහලේ සිසුන් පිරිසක් රැගෙන නුවරඑළියේ විනෝද චාරිකාවක ගොස් ආපසු කොළඹ බලා යමින් තිබූ බස් රථයක් හා එකම පවුලේ පිරිසක් සමඟ දික්ඔය සිට නුවරඑළිය බලා ගමන් කරමින් තිබූ වෑන් රථයක් මෙසේ මුහුණට මුහුණ ගැටී තිබිණී. එම වාහන දෙක සමඟ පිටුපසින් පැමිණි ත්‍රී වීල් රථයක්ද අනතුරට ලක්ව ඇත. අනතුරින් වෑන් රථය මුළුමනින්ම වාගේ කුඩු පට්ටම් වී තිබෙන අතර බස් රථය අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලී ගොස් ඇත. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 44 දෙනෙකුට ආසන්න පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර එයින් සිසුන් විශාල පිරිසක්තු වාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

සිදුවූ අනතුර ඇසින් දුටුවන් පවසන්නේ අනතුරත් සමඟ වෑන් රථය කුඩු පට්ටම් වී මළ සිරුරු 7ක් පාර පුරා විසිරී තිබුණු බවයි. අනතුරින් මේ වන විට පිරිමි 4 දෙනෙකු හා ගැහැණු තිදෙනෙකු මිය ගොස් ඇති අතර කුඩා දරුවන් දෙදෙනෙකුගෙද සිරුරු ඒ අතර තිබෙන බව රෝහල් ප්‍රකාශකයො පැවසීය.

More articles

Latest article