27.3 C
Colombo
බදාදා, මැයි 22, 2024

හම්බන්තොට වරාය බදු දීම ගැන කොමිසමක් පත් කර සොයා බලන්න – විජයදාස රාජපක්ෂ

Must read

හම්බන්තොට වරාය, ඉදිකළ සමාගම විසින්ම වසර 35ක කාලයක් සඳහා එම වරාය බදු දෙන ලෙස ඉල්ලා සිටියදිත් වෙනත් සමාගමක් වෙත අනූනව අවුරුද්දක් සඳහා, පසුගිය රජය විසින් බදු දීම සම්බන්ධයෙන් කොමිෂන් සභාවක් හෝ පත් කර සොයා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා වරාය හා නාවුක කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (02) ඉල්ලා සිටියේය. හම්බන්තොට වරාය ඉදිකළ සමාගම විසින්ම එම වරාය වසර 35ක කාලයක් බදු ගැනීම වෙනුවෙන් ඩොලර් මිලියන 780ක් ගෙවන්නට කැමැත්ත පළකළ බවත් එසේ තිබියදීත් වෙනත් සමාගමක් වෙත 99 අවුරුද්දක් වෙනුවෙන් බදු දුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී කරුණු පෙන්වීම හේතුවෙන් තම කැබිනට් ඇමැති ධූරය පවා අහිමි වීමට හේතු වූවද ඒ සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවද විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය. එබැවින් මේ සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනය කිරීම සඳහා කොමිෂන් සභාවක් පත්කරන ලෙස ද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ වරාය හා නාවුක කටයුතු අමාත්‍යාංශය ඇතුළු වැය ශීර්ෂ ගණනාවක් සම්බන්ධයෙන් පැවැති විවාදයේදී අමාත්‍ය රෝහිත අබේගුණවර්ධ මහතා අදහස් දක්වන අවස්ථාවේදීය.

More articles

Latest article