33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

රඹුටන් ගෙඩියක් නිසා සිදු වූ අවාසනාවන්ත මරණය

Must read

මොරටුව කටුබද්ද සොයිසාරාම පුරාණ විහාරස්ථායේ වැඩ සිටි පුජ්‍ය බුලත්ගම සිරි විභුති කුඩා සාමණේර හිමියන්රඹුටන් ගෙඩිය උගුරේ සිර හදිසියේ අපවත් වී තිබෙයි

සිද්ධියෙන් පසු දකුණු කොළඹ මහ රෝහලට සාමණේර හිමියන් ඇතුළු කළ ද ඊයේ (27) පාන්දර සාමණේර හිමියන් අපවත් වී ඇත.

අපවත් වන විට උන්වහන්සේ දසවන වියේ පසුවිය

2012 අප්‍රේල් 19 දින බලංගොඩ,බුලත්ගම දී උපත ලැබූ සාමණේර හිමියන් ගිහිකල දී එච්. ඩබ්ලිව් දුමිදු නිම්සර ලෙස හැදින්වීය

කුඩා කළ සිට ආගමික නැඹුරුවක් තිබූ සාමණේර හිමියන් වයස අවුරුදු හත සම්පූර්ණ වන විට පැවිදි දිවියට එක් වූයේ අමරපුර මහා නිකායේ අමරපුර පාර්වශයේ අනුනායක විශ්‍රමලත් ගුරු උපදේශක ශාස්ත්‍රපති පුජ්‍ය දොඩම්පහල සිරි සුගුණ නාහිමියන් වහන්සේගේ පැවිදි ශිෂ්‍යයෙකු ලෙසය.

More articles

Latest article