25 C
Colombo
ඉරිදා, අප්‍රේල් 14, 2024

මහනුවර අවසන් රන්දෝලි පෙරහර රටවල් 120ක් අන්තර්ජාලයෙන් නරඹයි

Must read

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා රටවල් 120ක පමණ මිලියන ගණනක් නරඹා තිබෙන බව දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය පවසයි. මෙවර පෙරහරේ විකාශන කටයුතු භාෂා 10කින් කළ බව දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හිස්සැල්ල මහතා කීය.

සිංහල, ඉංග්‍රීසි, දෙමළ, හින්දි, ජපන්, චීන, ප්‍රංශ, ජර්මන්, තායි හා කොරියන් භාෂාවලින් මෙවර පෙරහර ලොව පුරා විකාශය කර තිබේ. පසුගිය වසරේදී ලොව පුරා මිලියන 192ක ජනතාවක් පෙරහර මංගල්‍යය අන්තර්ජාලය ඔස්සේ නරඹා තිබිණි.

More articles

Latest article