25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

රන්ජන්ට එරෙහි නඩුව ඇමති මහින්දානන්ද ඉල්ලා අස්කර ගනී

Must read

සිර දඩුවම් විදින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සාධාරණයක් ඉටු කරන්නැයි ආණ්ඩු පක්ෂයට පෞද්ගලික යෝජනාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

රන්ජන් රාමනායක මහතා 2016 වසරේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් තමාට අපහාසයක් කළැයි නුගේගොඩ අධිකරණයේ පවරනු ලැබූ නඩුව අද (31) ඉල්ලා අස්කර ගැනීමෙන් පසු මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණ භූමියෙන් පිටතට පැමිණ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.

වෙනත් පිරිසකගේ වුවමනාවන් ඉටු කිරීමට නොමඟ ගොස් රන්ජන් රාමනායක මහතා සිරගතව දුක් විඳින බවත් අද ඔහු වෙනුවෙන් පෙනී සිටීමට කිසිවකුත් නැති හෙයින් තමා එදා පැවරූ අපහාස නඩුව ඉල්ලා අස්කර ගැනීමට සිතූ බවත් මහින්දානන්ද අලූත්ගමගේ මහතා සඳහන් කළේය.

රන්ජන් රාමනායක මහතාට එරෙහිව පැවරූ නඩුව ඉල්ලා අස්කර ගන්නට තීරණය කළ බව තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද දැනුම් දුන් බව කී අලුත්ගමගේ මහතා කිසිවකුගෙන් පළි ගැනීමට අවශ්‍ය නැති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ යැයිද කීය.

යහපාලන ආණ්ඩු සමයේ තමාට වැඩිපුරම පහර ගැසූ පුද්ගලයා වන රන්ජන් රාමනායක මහතාට සමාව දීමෙන් අදහස් කළේ දේශපාලන පළිගැනීම් නතර කරමු යන ආදර්ශය රටට ලබා දීමට යැයි ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය

More articles

Latest article