33 C
Colombo
බදාදා, මැයි 31, 2023

මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට එරෙහි රන්ජන්ගේ පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ

Must read

අධිකරණයට අපහාස කිරීමේ  වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව  සිටින  රන්ජන් රාමනායක මහතාගේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා .

ඒ අනුව පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වලක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මහතා මෙම  රිට් පෙත්සම ගොනු  කරන ලදි.අර්ජුන ඔබේසේකර, සෝභිත රාජකරුණා  යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අතර පෙත්සම්කරු ඉල්ලා සිටින ආකාරයට සහන ලබා දීමට නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කරන ලදී .

More articles

Latest article